Tournaments Details

CCA Chess Tournaments සඳහා Register වන ආකාරය

පළමුවෙන්ම ඔබ Online චෙස් තරඟ ක්‍රීඩා කරන Lichess මාධ්‍යයේ ගිණුමක් සාදා ගත යුතුයි.

ඒ සඳහා පහත Button එක ක්ලික් කර Lichess වෙබ් අඩවියේ Username, Password හා ඔබගේ ඊමේල් ලිපිනය
නිවරැදිව ඇතුළත් කොට Account එකක් සාදා ගන්න.

මෙහිදී ඇතුළත් කරන Username එක ලෙස Lichess තුළ මීට පෙර යොදා නොගත් එකක් වීම අනිවාර්ය වන බැවින් ඔබගේ සම්පූර්ණ නම මේ සදහා වඩාත් සුදුසු වේ.

(ඔබට දැනටමත් Lichess ගිණුමක් තිබේ නම් එය මේ සඳහා භාවිතා කළ හැක.)

දෙවනුව ඔබ Chamiranga Chess Academy Lichess සමූහයේ Register විය යුතුයි.

ඒ සඳහා පහත Button එක ක්ලික් කර Lichess සමූහයට පිවිස Join Team ක්ලික් කරන්න.

ඊළඟට Lichess සමූහය පිළිබඳ විස්තර ඇතුළත් තිරයේ පහළින්ම ඇති Message ලෙස සඳහන් කර ඇති කොටසේ ඔබගේ සම්පූර්ණ නම පහත පරිදි ලබා දී නැවතත් Join Team ක්ලික් කරන්න.

අනතුරුව අප විසින් ඔබගේ Lichess ගිණුම පරීක්ෂා කොට ඔබව සමූහයට ඇතුළත් කරගනු ලැබේ.

දැන් ඔබට සෑම සතියකම ඉරිදා දින නොමිලේ පැවැත්වෙන Lichess Online Tournaments ක්‍රීඩා කරන්න පුළුවන්!

  1. පළමු සතිය: CCA Rapid Swiss Battle
  2. දෙවන සතිය: CCA Blitz Swiss Battle
  3. තුන්වන සතිය: CCA Monthly Blitz Arena
  4. අවසන් සතිය: CCA Monthly Bullet Arena

CCA Tournaments තරඟ කාලසටහන හා තරඟ ආකෘතිය දැන ගැනීමට Tournaments Page එකට පිවිසෙන්න.

මෙම චෙස් තරඟ පිළිබඳ දැනුවත් වීම සඳහා පහත ලින්ක් එකෙන් චෙස් සවිය WhatsApp Channel එකට එකතු වෙන්න…

[elementor-template id="5550"]