චෙස් ක්‍රීඩාවේ ඉතිහාසය

චෙස් ක්‍රීඩාවේ ඉතිහාසය වසර 1500ක් තරම් ඈත අතීතයට විහිදී යයි. ඉන්දියාවෙන් ආරම්භ වූ මෙම චෙස් ක්‍රීඩාව මුල් කාලයේදී චතුරංග ක්‍රීඩාව ලෙස හඳුන්වා දී තිබේ. එම ආකෘතිය වර්තමාන චෙස් ක්‍රීඩාවේ ආකෘතියට වඩා බොහෝ සෙයින් වෙනස් වේ.

The 12th-century Lewis chessmen in the collection of the National Museum of Scotland. / Image Source: British Museum, Wikimedia / CC BY-SA 4.0

මෙහිදී චතුරංග ක්‍රීඩාව යන්නෙන් හඳුන්වා ඇත්තේ සිව් හමුදාව යන්නයි. පාබල හමුදාව, අශ්වයින්, ඇතුන් හා අශ්වාරෝහක රථය මෙම සිව් හමුදාවට අයත් වේ. මෙම සිව් හමුදාව හා වර්තමාන චෙස් ඉත්තන් සඳහා භාවිතා කරන නම් පහත පරිදි වේ.

Evolution of Chess Pieces

මෙම චතුරංග ක්‍රීඩාවේ ආරම්භක පිහිටීමේ දී කිංග් ඉත්තන් වර්තමානයේ මෙන් එකිනෙකට මුහුණලා නොතිබීම විශේෂත්වයකි.

Chaturanga starting position. The kings do not face each other.

ඒ ආකාරයට ආරම්භ වූ චෙස් ක්‍රීඩාව පර්සියාව දක්වා ව්‍යාප්ත වූ අතර පසුව මුස්ලිම රටවල් වලට ව්‍යාප්ත වී ඇත. අනතුරුව ස්පාඤ්ඤය, ඉතාලිය හරහා යුරෝපයට ව්‍යාප්ත වී ඇත.

18වන සියවස වන විට චෙස් ක්‍රීඩාව වඩාත් විද්‍යාත්මක ස්වරූපයක් දක්වා වර්ධනය වූ අතර 19 වන සියවස පමණ වන විට නවීන චෙස් ක්‍රීඩාව ආරම්භ විය. 1886දී පළමු නිල ලෝක චෙස් ශූරතා තරඟාවලිය ආරම්භ වූ අතර පළමු ලෝක චෙස් ශූරයා Wilhelm Steinitz වේ.

First World Chess Championship Wilhelm Steinitz vs Johannes Zukertort in 1886 / Image Source: ©ChessBase

20 වන සියවසේදී චෙස් ක්‍රීඩාව වඩාත් න්‍යායික වූ අතර ලෝක චෙස් සම්මේලනය පිහිටුවීම සිදු විය.

1997 දී I.B.M. සුපිරි පරිගණකයක් හා එවකට චෙස් ලෝක ශූරයාව සිටි රුසියානු ජාතික GM Garry Kasparov අතර තරඟාවලියෙන් GM Garry Kasparovගේ පරාජයත් සමඟ චෙස් ක්‍රීඩාව පරිගණක ආධිපත්‍යයේ යුගයක් බිහි විය.

Deep Blue IBM chess computer vs World Chess Champion GM Garry Kasparov / Image Source: James the photographer, Wikimedia CC BY 2.0 ©2007, S.M.S.I., Inc.-Owen Williams, The Kasparov Agency CC BY-SA 3.0

ඒ ආකාරයට වර්තමානයේ දී ඕනෑම මිනිසෙකුගේ හැකියාව ඉක්මවා පරිගණක විශ්ලේෂණය දියුණු වෙමින් මාර්ගගත චෙස් ක්‍රීඩාව වඩාත් ජනප්‍රිය වී ඇත.

Modern Electronic Chess Board

Leave a Reply

Your email address will not be published. Required fields are marked *