මෑත කාලීන චෙස් ලෝක ශූරයින් (1972 සිට මේ දක්වා)

1972 සිට මේ දක්වා බිහිවූ මෑත කාලීන චෙස් ලෝක ශූරයින් පිළිබඳ හැඳින්වීමක් වගේම ඔවුන් ලෝක චෙස් ශූරතා තරඟාවලියන්හි ක්‍රීඩා කළ සුවිශේෂී චෙස් තරඟයන් ද මෙහි ඇතුළත් වේ. එබැවින් වත්මන් චෙස් ලෝක ශූරයින් ගැන දැනුම වගේම ඔවුන්ගේ චෙස් තරඟ ආරම්භ කිරීමේ ක්‍රම, චෙස් උපක්‍රම ආදිය පිළිබඳව ද මනා අවබෝධයක් මේ තුළින් ඔයාලට ලබා ගන්න පුළුවන්.

Chess World Champions List

#ChampionDateWins
1Wilhelm Steinitz1886 – 18944
2Emanuel Lasker1894 – 19216
3Jose Raul Capablanca1921 – 19271
4Alexander Alekhine1927-35, 1937-464
5Max Euwe1935 – 19371
6Mikhail Botvinnik1948-57, 1958-60, 1961-635
7Vasily Smyslov1957 – 19581
8Mikhail Tal1960 – 19611
9Tigran Petrosian1963 – 19692
10Boris Spassky1969 – 19721
11Bobby Fischer1972 – 19751
12Anatoly Karpov1975 – 19853
13Garry Kasparov1985 – 20006
14Vladimir Kramnik2000 – 20073
15Viswanathan Anand2007 – 20134
16Magnus Carlsen2013 – 20235
17Ding Liren2023* – present1

Chess World Champions List

#ChampionDateWins
1Wilhelm Steinitz1886 – 18944
2Emanuel Lasker1894 – 19216
3Jose Raul Capablanca1921 – 19271
4Alexander Alekhine1927-35, 1937-464
5Max Euwe1935 – 19371
6Mikhail Botvinnik1948-57, 1958-60, 1961-635
7Vasily Smyslov1957 – 19581
8Mikhail Tal1960 – 19611
9Tigran Petrosian1963 – 19692
10Boris Spassky1969 – 19721
11Bobby Fischer1972 – 19751
12Anatoly Karpov1975 – 19853
13Garry Kasparov1985 – 20006
14Vladimir Kramnik2000 – 20073
15Viswanathan Anand2007 – 20134
16Magnus Carlsen2013 – 20235
17Ding Liren2023* – present1
GM Bobby Fischer

චෙස් ඉතිහාසයේ බිහිවූ ක්‍රීඩකයින් අතුරින් විශිෂ්ටතම චෙස් ක්‍රීඩකයෙක් ලෙස ඇමෙරිකානු ජාතික චෙස් Grandmasterවරයෙකු වන GM Bobby Fischer සැලකෙන අතර, ඔහු 1972දී GM Boris Spassky පරාජයට පත් කරමින් චෙස් ලෝක ශූරයා (Chess World Champion) බවට පත් වුණා. ඉන් වසර තුනකට පසු ඔහු තම ශූරතාවය ආරක්ෂා කර ගැනීම ප්‍රතික්ෂේප කිරීම විශේෂත්වයකි.

World Chess Championship -1972 | Round 21 (Last Round)

Boris Spassky (2660) vs Bobby Fischer (2785) | Result 0 – 1

GM Anatoly Karpov

GM Bobby Fischer තම ශූරතාවය ආරක්ෂා කර ගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ඒ වන විට චෙස් ශ්‍රේණිගත කිරීම්හි දෙවන ස්ථානයේ සිටි රුසියානු හා හිටපු සෝවියට් චෙස් Grandmasterවරයෙකු වන GM Anatoly Karpov චෙස් ලෝක ශූරයා බවට පත් වුණා. පසුව ලෝක ශූරතා තරඟාවලියන්හි Viktor Korchnoi පරාජයට පත් කිරීමට සමත් වීමෙන් ඔහු දෙවරක් තම ලෝක ශූරතාවය ආරක්ෂා කර ගැනීමට සමත් වුණා.

World Chess Championship -1978 | Round 08

Anatoly Karpov (2725) vs Viktor Korchnoi (2665) | Result 1 – 0

GM Garry Kasparov

චෙස් ඉතිහාසයේ බිහිවී ඇති ක්‍රීඩකයින් අතුරින් ඉතා විශිෂ්ට ක්‍රීඩකයෙකු ලෙස රුසියානු ජාතික GM Garry Kasparov හඳුනා ගන්න පුළුවන්. 1983 දී Anatoly Karpov පරාජයට පත් කරමින් වයස අවුරුදු 22දී මෙතෙක් ලාබාලතම චෙස් ලෝක ශූරයා බවට පත් වූයේ GM Mikhail Tal ගේ වාර්තාව බිඳ දමමිනි. ඔහු 1985 සිට 2000 දක්වා සය වතාවක් ලෝක චෙස් ශූරතාවලි ජයග්‍රහණය කිරීමට සමත් වූයේ මීට පෙර එම වාර්තාවේ සිටි Emanuel Laskerගේ වාර්තාව සම කරමිනි.

මෙම කාල වකවානුවේදී Deep Blue IBM Chess Computor හා ලෝක ශූර GM Garry Kasparov අතර තරඟාවලියකින් GM Garry Kasparov පරාජයට පත් වීම කැපී පෙනෙන අතර මේ සමඟ චෙස් ක්‍රීඩාවේ පරිගණක ආධිපත්‍යයේ යුගයක් බිහි විය. පසුකාලීනව ඔහු ලිවීම, දේශපාලනය හා මානව හිමිකම් කෙරෙහි අවධානය යොමු කළ අතර ඔහු දැනට මානව හිමිකම් පදනමේ සභාපති ලෙස කටයුතු කරයි.

World Chess Championship -1985 | Round 01

Garry Kasparov (2710) vs Anatoly Karpov (2700) | Result 1 – 0

GM Vladimir Kramnik / Image Source: Vladimir Barskij, Wikimedia / CC BY-SA 3.0

Vladimir Kramnik රුසියානු ජාතික චෙස් Grandmasterවරයෙකි. ඔහු 2000 දී ප්‍රබල GM Garry Kasparov පරාජය කොට ලෝක චෙස් ශූරයා වීමට සමත් වුණා. 2000-2007 අතර කාලයේ චෙස් ලෝක ශූරයා වූ GM Vladimir Kramnik, 2019 චෙස් අධ්‍යාපන ව්‍යාපෘති සඳහා වෘත්තීය චෙස් ක්‍රීඩාවෙන් සමුගන්නා ලදි.

World Chess Championship -2000 | Round 02

Vladimir Kramnik (2772) vs Garry Kasparov (2849) | Result 1 – 0

GM Viswanathan Anand / Image Source: Wolfgang Jekel, Wikimedia / CC BY 2.0

1988දී ඉන්දියාවේ පළමු චෙස් Grandmaster බවට පත්වූ Viswanathan Anand පස් වතාවක් ලෝක චෙස් ශූරයා බවට පත් වුණා. 2007-2013 දක්වා ලෝක චෙස් ශූරයාව සිටි වේගයෙන් ක්‍රීඩා කිරීමට ඇති හැකියාව නිසා “Lightning Kid” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලදි.

ලෝක චෙස් ශූරතාවය හිමි කරගත් පළමු ඉන්දීය ජාතිකයා වීමත් සමග මේ වන විට ලොව වැඩිම ජනගහනයක් සහිත ඉන්දියාවේ චෙස් ක්‍රීඩාව කෙරෙහි විශාල පිබිදීමක් ඇති විය. එහි ප්‍රතිඵලයක් ලෙස දැන් ඉන්දියාව ලෝකයේ හොඳම චෙස් ක්‍රීඩා කරන රටවල් වලින් එකක් බවට පත් වීම සුවිශේෂීත්වයකි.

මේ වන විට වයස අවුරුදු 54ක් වෙන Vishwanathan Anand තවමත් චෙස් ශ්‍රේණිගත කිරීම් වලට අනුව ලොව හොඳම ක්‍රීඩකයින් 10 දෙනා අතර සිටින විශිෂ්ට ක්‍රීඩකයෙකි.

World Chess Championship -2008 | Round 05

Vladimir Kramnik (2772) vs Viswanathan Anand (2783) | Result 0 – 1

GM Magnus Carlsen

නෝර්වේ ජාතික Grandmasterවරයෙකු වන Magnus Carlsen වත්මන් (2024/10) Rapid හා Blitz චෙස් ක්‍රීඩාවේ වත්මන් ලෝක චෙස් ශූරයා (Current Blitz and Rapid Chess World Champion) වේ. 2013දී ලෝක ශූර Vishy Anand පරාජයට පත් කළ GM Magnus Carlsen පස් වතාවක් ලෝක චෙස් ශූරයා බවට පත්වී ඇත. 2013 සිට 2023 දක්වා වසර දහයක කාලයක් ලෝක චෙස් ශූරයාව සිටි Carlsen තම ශූරතාවය අත්හරින බව නිවේදනය කරන ලදි.

ඔහු විසින් ලබා ගත් උපරිම චෙස් ශ්‍රේණිගත කිරීම් අගය වන 2882, ඉතිහාසයේ ක්‍රීඩකයෙකු විසින් ලබා ගත් ඉහළම ශ්‍රේණිගත කිරීම් අගය වන අතර ඔහු චෙස් ක්‍රීඩාවේ දීර්ඝතම අපරාජිත වාර්තාවට හිමිකම් කියන්නේ චෙස් තරඟ 125ක් අඛණ්ඩව ජයග්‍රහණය කරමිනි. GM Magnus Carlsen පස් වතාවක් Rapid ලෝක චෙස් ශූරතාවය, හත් වතාවක් Blitz ලෝක චෙස් ශූරතාවය හිමි කරගෙන තිබෙන අතර වර්තමාන චෙස් ලෝක කුසලාන ශූරයා ද වේ. 2023 ලෝක ශූරතා තරඟාවලියේ දී තම ලෝක ශූරතාවය ආරක්ෂා කර ගැනීම ප්‍රතික්ෂේප කළද වර්තමානය (2024/10) වන විටත් ලෝක චෙස් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලොව පළමු චෙස් ක්‍රීඩකයා වීම සුවිශේෂීත්වයකි.

ඒ අනුව සමකාලීන නොවන විවිධ යුගයන්හි බිහි වූ දැවැන්ත චෙස් ශූරයින් සංසන්දනය කිරීම අපහසු වුණත් සමස්තයක් ලෙස චෙස් ඉතිහාසයේ මෙතෙක් බිහිවූ හොඳම චෙස් ක්‍රීඩකයා ලෙස ලෝක ශූර Magnus Carlsen හඳුනා ගන්න පුළුවන්!

World Chess Championship -2013 | Round 05

Magnus Carlsen (2870) vs Viswanathan Anand (2775) | Result 1 – 0

GM Ding Liren / Image Source: Kalizhan Ospanov-Xinhua News Agency/ Getty Images

නෝර්වේ ජාතික Grandmasterවරයෙකු වන Magnus Carlsen වත්මන් Rapid හා Blitz චෙස් ක්‍රීඩාවේ වත්මන් ලෝක චෙස් ශූරයා වේ. 2013දී ලෝක ශූර Vishy Anand පරාජයට පත් කළ GM Magnus Carlsen පස් වතාවක් ලෝක චෙස් ශූරයා බවට පත්වී ඇත. 2013 සිට 2023 දක්වා වසර දහයක කාලයක් ලෝක චෙස් ශූරයාව සිටි Carlsen තම ශූරතාවය අත්හරින බව නිවේදනය කරන ලදි. (Current Blitz and Rapid Chess World Champion)

World Chess Championship -2023 | Round 18 (Last Game)

Ian Nepomniachtchi (2795) vs Ding Liren (2788) | Result 0 – 1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *