චෙස් ක්‍රීඩාව මුල සිට සරලව සිංහලෙන්

චෙස් ක්‍රීඩාව මනසින් සිදු කරන යුද්ධයක් බඳුය. චෙස් ක්‍රීඩා කිරීමෙන් ප්‍රයෝජන රැසක් ලැබෙනවා වගේම මෙය ලොව පුරා ඉතාමත් ජනප්‍රිය ක්‍රීඩාවකි. මෙම වීඩියෝ පාඩම් මාලාවෙන් ඔයාලට චෙස් ක්‍රීඩාව මුල සිට පියවරෙන් පියවර නොමිලේම ඉගෙන ගන්න පුළුවන්.

චෙස් ක්‍රීඩාව හැඳින්වීම | Introduction of Chess

චෙස් පුවරුව හා චෙස් ඉත්තන් වර්ග ගැන හොඳ අවබෝධයක් ඔයාලට මේ පාඩමෙන් ලබා ගන්න පුළුවන්.

© Chamiranga Chess Academy

චෙස් ඉත්තන්ගේ ගමන් මාර්ග – පළමු කොටස | How to move pieces – Part 01

පෝන්, නයිට් හා බිෂොප් යන ඉත්තන්ගේ ගමන් මාර්ග හා ඉත්තන් කපන ආකාරය පිළිබඳ මෙම පාඩමෙන් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්

© Chamiranga Chess Academy

චෙස් ඉත්තන්ගේ ගමන් මාර්ග – දෙවන කොටස | How to move Pieces – Part 02

රුක්, ක්වින් හා කිංග් යන ඉත්තන්ගේ ගමන් මාර්ග හා ඉත්තන් කපන ආකාරය පිළිබඳ මෙම පාඩමෙන් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්

© Chamiranga Chess Academy

චෙක් හා චෙක්මේට් කිරීම | Check and Checkmate

චෙස් ක්‍රීඩාවේ චෙක් (Check) කියන්නේ මොකක්ද, චෙක් එකක් කරන්නේ කොහොමද සහ ඉන් ආරක්ෂා වෙන්න පුළුවන් ආකාර 03 ගැන වගේම චෙස් ක්‍රීඩාවේ නවකයින් බොහෝ දෙනෙකුට ගැටලුවක් වෙන චෙස් තරඟයක් දිනන්නේ කොහොමද, නැත්නම් චෙක්මේට් (Checkmate) අවස්ථාව කරන්නෙ කොහොමද කියන එක ගැන පැහැදිලි අවබෝධයක් මේ වීඩියෝ පාඩමෙන් ඔයාලට ලබා ගන්න පුළුවන්.

© Chamiranga Chess Academy

චෙස් කාසලින් කිරීම | Chess Castling

චෙස් ක්‍රීඩාවේ කාසලින් (Castling) කරනවා කියන්නේ කිංග්ට වඩාත් හොඳ ආරක්ෂාවක් ලබා ගන්න, කිංග් හා රුක් කියන ඉත්තන් දෙන්නම එකවර යොදාගෙන සිදු කරන සුවිශේෂී ඇදීමක්.

ඒ කාසලින් අවස්ථාව සිදු කරන්නේ කොහොමද, කාසලින් කිරීමක් සිදු කළ නොහැකි තැන් ගැන වගේම කාසලින් කිරීමේ ප්‍රයෝජන පිළිබඳ මෙම පාඩමෙන් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්.

© Chamiranga Chess Academy

පෝන් ප්‍රමෝශන් කිරීම | Pawn Promotion

චෙස් ක්‍රීඩාවේ පෝන් ප්‍රමෝශන් (Pawn Promotion), නැත්නම් පෝන් උසස් වීමක් සිදු කරන ආකාරය පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් ඔයාලට මේ පාඩමෙන් ලබා ගන්න පුළුවන්.

© Chamiranga Chess Academy

චෙස් මූලික දැනුමට අදාළ පාඩම් මාලාව සම්පූර්ණ කළ ඔයාලට සෑම සතියකම ඉරිදා දින නොමිලේ පැවැත්වෙන චෙස් පුහුණු තරඟ සඳහා සහභාගී වෙන්නත් පුළුවන් !

ඒ වගේම චෙස් ක්‍රීඩාව පිළිබඳ වැඩිදුර ඉගෙන ගැනීමට චෙස් තරඟ ආරම්භ කරන ක්‍රම (Openings), චෙස් උපක්‍රම (Tactics) හා චෙස් උගුල් (Traps) ආදී චෙස් වීඩියෝ පාඩම් ඔයාලට චැනලය මගින් නරඹන්න පුළුවන් !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *