Start learning Chess for Free in Sinhala
චෙස් ක්‍රීඩාව මනසින් සිදු කරන යුද්ධයක් බඳුය. චෙස් ක්‍රීඩා කිරීමෙන් ප්‍රයෝජන රැසක් ලැබෙනවා වගේම මෙය ලොව පුරා ඉතාමත් ජනප්‍රිය ක්‍රීඩාවකි. මෙම වීඩියෝ පාඩම් මාලාවෙන් ඔයාලට චෙස් ක්‍රීඩාව මුල සිට පියවරෙන් පියවර නොමිලේම ඉගෙන ගන්න පුළුවන්.
Top 07 Benefits of Playing Chess
බුද්ධිමතුන්ගේ ක්‍රීඩාව ලෙස හැඳින්වෙන චෙස් ක්‍රීඩාව උපාය මාර්ගික හා සිතීමේ හැකියාවන් දියුණු කරන මනසින් කරන යුද්ධයකි. මේ නිසා චෙස් ක්‍රීඩාව තුළ ශාරීරික ක්‍රියාකාරකම් නොමැති සාම්ප්‍රදායික ක්‍රීඩාවන්ගෙන් වෙනස් වූ ක්‍රීඩාවක් වන අතර ලෝකයේ මිලියන 600ක පමණ දෙනා ක්‍රීඩා කරන ගෘහස්ත ක්‍රීඩාවන් අතරින් වඩාත් ජනප්‍රිය ක්‍රීඩාවක් වෙනවා.
History of Chess
චෙස් ක්‍රීඩාවේ ඉතිහාසය වසර 1500ක් තරම් ඈත අතීතයට විහිදී යයි. ඉන්දියාවෙන් ආරම්භ වූ මෙම චෙස් ක්‍රීඩාව මුල් කාලයේදී චතුරංග ක්‍රීඩාව ලෙස හඳුන්වා දී තිබේ. එම ආකෘතිය වර්තමාන චෙස් ක්‍රීඩාවේ ආකෘතියට වඩා බොහෝ සෙයින් වෙනස් වේ.
