ඓතිහාසික චෙස් ලෝක ශූරයින් (1886-1972)
1886 සිට 1972 දක්වා චෙස් ලෝක ශූරයින් 10 දෙනෙකු බිහිවී ඇති අතර එම චෙස් ලෝක ශූරයින් පිළිබඳ හැඳින්වීමක් වගේම ඔවුන් ලෝක චෙස් ශූරතා තරඟාවලියන්හි ක්‍රීඩා කළ සුවිශේෂී චෙස් තරඟයන් ද මෙහි ඇතුළත් වේ. එබැවින් අතීත චෙස් ලෝක ශූරයින් ගැන දැනුම වගේම ඔවුන්ගේ චෙස් තරඟ ආරම්භ කිරීමේ ක්‍රම, චෙස් උපක්‍රම ආදිය පිළිබඳව ද මනා අවබෝධයක් මේ තුළින් ඔයාලට ලබා ගන්න පුළුවන්.
Chess World Champions List
| # | Champion | Date | Wins |
|---|---|---|---|
| 1 | Wilhelm Steinitz | 1886 – 1894 | 4 |
| 2 | Emanuel Lasker | 1894 – 1921 | 6 |
| 3 | Jose Raul Capablanca | 1921 – 1927 | 1 |
| 4 | Alexander Alekhine | 1927-35, 1937-46 | 4 |
| 5 | Max Euwe | 1935 – 1937 | 1 |
| 6 | Mikhail Botvinnik | 1948-57, 1958-60, 1961-63 | 5 |
| 7 | Vasily Smyslov | 1957 – 1958 | 1 |
| 8 | Mikhail Tal | 1960 – 1961 | 1 |
| 9 | Tigran Petrosian | 1963 – 1969 | 2 |
| 10 | Boris Spassky | 1969 – 1972 | 1 |
| 11 | Bobby Fischer | 1972 – 1975 | 1 |
| 12 | Anatoly Karpov | 1975 – 1985 | 3 |
| 13 | Garry Kasparov | 1985 – 2000 | 6 |
| 14 | Vladimir Kramnik | 2000 – 2007 | 3 |
| 15 | Viswanathan Anand | 2007 – 2013 | 4 |
| 16 | Magnus Carlsen | 2013 – 2023 | 5 |
| 17 | Ding Liren | 2023* – present | 1 |
Chess World Champions List
| # | Champion | Date | Wins |
|---|---|---|---|
| 1 | Wilhelm Steinitz | 1886 – 1894 | 4 |
| 2 | Emanuel Lasker | 1894 – 1921 | 6 |
| 3 | Jose Raul Capablanca | 1921 – 1927 | 1 |
| 4 | Alexander Alekhine | 1927-35, 1937-46 | 4 |
| 5 | Max Euwe | 1935 – 1937 | 1 |
| 6 | Mikhail Botvinnik | 1948-57, 1958-60, 1961-63 | 5 |
| 7 | Vasily Smyslov | 1957 – 1958 | 1 |
| 8 | Mikhail Tal | 1960 – 1961 | 1 |
| 9 | Tigran Petrosian | 1963 – 1969 | 2 |
| 10 | Boris Spassky | 1969 – 1972 | 1 |
| 11 | Bobby Fischer | 1972 – 1975 | 1 |
| 12 | Anatoly Karpov | 1975 – 1985 | 3 |
| 13 | Garry Kasparov | 1985 – 2000 | 6 |
| 14 | Vladimir Kramnik | 2000 – 2007 | 3 |
| 15 | Viswanathan Anand | 2007 – 2013 | 4 |
| 16 | Magnus Carlsen | 2013 – 2023 | 5 |
| 17 | Ding Liren | 2023* – present | 1 |
Wilhelm Steinitz | First Chess World Champion (1886-94)

Wilhelm Steinitz බොහීමියානු-ඔස්ට්‍රියානු ජාතිකයෙක් වන අතර සහ පසුව ජාතික චෙස් ක්‍රීඩකයෙකු විය. 1886 පළමු ලෝක චෙස් ශූරතා තරඟාවලියේ Johannes Zukertort පරාජයට පත් කරමින් පළමු ලෝක චෙස් ශූරයා (First Chess World Champion) බවට පත් වීමට Wilhelm Steinitz සමත් විය. මොහු ස්ථානීය චෙස් ක්‍රීඩාවේ පියා ලෙසද සැලකේ.
World Chess Championship -1886 | Round 01
Johannes Zukertort vs Wilhelm Steinitz
| Result 0 – 1
Grandmaster Emanuel Lasker (1894-1921)

GM Emanuel Lasker ජර්මානු චෙස් ක්‍රීඩකයෙකු වූ අතර ගණිතඥයෙකු සහ දාර්ශනිකයෙකු ද වේ. Emanuel Lasker වඩාත් ප්‍රායෝගික ක්‍රීඩකයෙකු වන 1894 දී Wilhelm Steinitz පරාජයට පත් කරමින් ලෝක චෙස් ශූරයා බවට පත් වූ අතර ඔහු 1894 සිට 1921 දක්වා ඉතිහාසයේ නිල වශයෙන් පිළිගත් වැඩිම කාලයක් ලෝක චෙස් ශූරයා (Longest Chess World Champion) බවට පත් වීමට සමත් විය.
World Chess Championship -1894 | Round 01
Emanuel Lasker vs Wilhelm Steinitz
| Result 1 – 0
GM Jose Raul Capablanca (1921-1927)

GM Jose Capablanca කියුබානු ජාතික චෙස් ක්‍රීඩකයෙකු වන අතර 1921 ලෝක චෙස් ශූරතාවලියේ දී Emanuel Laskerට එරෙහිව පූර්ණ තරඟාවලි ජයක් ලබා ලෝක චෙස් ශූරයා බවට පත් වීමට සමත් විය. මොහු චෙස් තරඟ වේගයෙන් ක්‍රීඩා කිරීමට මෙන්ම චෙස් අවසන් තරඟ ක්‍රීඩා කිරීමේ (Endgames) සුවිශේෂී කුසලතාවයක් සහිත ක්‍රීඩකයෙකි.
World Chess Championship -1921 | Round 14 (Last Game)
Emanuel Lasker vs Jose Raul Capablanca
| Result 0 – 1
GM Alexander Alekhine (1927-35,1937-46)

GM Alexander Alekhine රුසියානු හා ප්‍රංශ ජාතික චෙස් ක්‍රීඩකයෙකි. 1927 දී Jose Raul Capablanca පරාජයට පත් කරමින් ලෝක චෙස් ශූරයා බවට පත් වූ අතර 1935දී Max Euwe හමුවේ පරාජයට පත් වුවද නැවත 1937දී Max Euwe පරාජයට පත් කරමින් යළිත් ලෝක චෙස් ශූරයා බවට පත් විය. එසේම 1946දී මියගිය අතර ශූරතාවය දරමින් සිටියදී මිය ගිය එකම ලෝක චෙස් ශූරයා වේ. මොහුට ප්‍රහාරාත්මක චෙස් තරඟ ක්‍රීඩා කිරීමේ සුවිශේෂී කුසලතාවයක් සහිත ක්‍රීඩකයෙකි.
World Chess Championship -1927 | Round 34 (Last Game)
Alexander Alekhine vs Jose Raul Capablanca
| Result 1 – 0
GM Max Euwe (1935-1937)

GM Max Euwe ලන්දේසි ජාතික චෙස් ක්‍රීඩකයෙකු වන අතර ගණිතඥයෙක්, කතුවරයෙක් සහ චෙස් පරිපාලකයෙකු ලෙසද කටයුතු කර ඇත. 1935දී Alexander Alekhine පරාජයට පත් කරමින් වසර දෙකක කාලයක් GM Max Euwe Chess World Champion බවට පත් විය. ඔහු 1970 සිට 1978 දක්වා ලෝක චෙස් සම්මේලනයේ (FIDE) සභාපති ලෙස කටයුතු කර ඇත.
World Chess Championship -1935 | Round 02
Max Euwe vs Alexander Alekhine
| Result 1 – 0
GM Mikhail Botvinnik (1948-57, 1958-60, 1961-1963)

GM Mikhail Botvinnik සෝවියට් රුසියානු ජාතික වරයෙකි. 1946දී Alexander Alekhine අභාවයත් සමග පළමු වරට ක්‍රීඩකයින් පස් දෙනෙකුගෙන් යුත් තරඟාවලියකින් ජය ගත් ලෝක චෙස් ශූරයා බවට පත් විය. ඉතිහාසයේ යම් පෙරළියක් සිදු වූ කාලවකවානුවක Mikhail Botvinnik පස් වරක් ලෝක චෙස් ශූරයා (Five-Time Chess World Champion) බවට පත් වීමට සමත් වූ අතර ඔහු තම ශූරතාවය ආරක්ෂා කර ගැනීම සඳහා කිසිදු තරඟාවලියක් සම්පූර්ණයෙන් ජයග්‍රහණය කර නොතිබීම විශේෂත්වයකි. මීට අමතරව විදුලි ඉංජිනේරුවෙකු හා පරිගණක විද්‍යාඥයෙකු ලෙස ද කටයුතු කළ Mikhail Botvinnik පරිගණක චෙස් ක්‍රීඩාවේ පුරෝගාමියෙකු විය.
World Chess Championship -1951 | Round 23
Mikhail Botvinnik vs David Bronstein
| Result 1 – 0
GM Vasily Smyslov (1957-1958)

රුසියානු ජාතික චෙස් Grandmasterවරයෙකු වූ GM Vasily Smyslov 1957දී GM Mikhail Botvinnik පරාජයට පත් කිරීමෙන් පසු වසරක කාලයක් චෙස් ශූරතාවය හිමිකර ගැනීමට සමත් විය.
World Chess Championship -1957 | Round 01
Mikhail Botvinnik vs Vasily Smyslov
| Result 0 – 1
GM Mikhail Tal (1960-1961)

1946දී GM Mikhail Botvinnik පරාජයට පත් කිරීමත් සමඟ වයස අවුරුදු 23දී GM Mikhail Tal Chess World Champion බවට පත්වූ අතර එවකට සිටි ලාබාලතම චෙස් ලෝක ශූරයා විය. ඔහු වයස අවුරුදු 55දී වකුගඩු රෝගයකින් මියගිය අතර ඒ වන තුරුම ඉතාමත් දක්ෂ චෙස් ක්‍රීඩකයෙකි.
World Chess Championship -1960 | Round 07
Mikhail Tal vs Mikhail Botvinnik
| Result 1 – 0
GM Tigran Petrosian (1963-1969)

ආර්මේනියානු චෙස් Grandmasterවරයෙකු වන Tigran Petrosian 1963 දී ලෝක චෙස් ශූරයා බවට පත් වූයේද GM Mikhail Botvinnik පරාජයට පත් කරමිනි. 1963-1969 අතර කාලයේ ලෝක චෙස් ශූරයා වූ ඔහුගේ නොබිඳිය හැකි තරම් වන ආරක්ෂිත ක්‍රීඩා විලාසය හේතුවෙන් “යකඩ ටයිග්‍රන්” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වා ඇත.
World Chess Championship -1963 | Round 05
Tigran Petrosian vs Mikhail Botvinnik
| Result 1 – 0
GM Boris Spassky (1969-1972)

රුසියානු ජාතික චෙස් Grandmasterවරයෙකු වූ 1966දී GM Tigran Petrosian හමුවේ පරාජයට පත් වුවද, 1969දී ජයග්‍රහණය කොට චෙස් ලෝක ශූරයා බවට පත් වීමට සමත් විය.
World Chess Championship -1969 | Round 21
Boris Spassky (2690) vs Tigran Petrosian (2650)
| Result 1 – 0
