චෙස් තරඟ විශ්ලේෂණය කිරීමේ වැදගත්කම
ඔබට දිනෙන් දින චෙස් ක්‍රීඩාවේ කුසලතා වර්ධනය කර ගනිමින් චෙස් ක්‍රීඩාවේ විශිෂ්ටයෙකු වීමට අවශ්‍ය නම් හැකි තරම් චෙස් තරඟ ක්‍රීඩා කිරීමෙන් ලබා ගන්නා පුහුණුව නිසි විසඳුමක් නොවේ. චෙස් ක්‍රීඩාවේ දක්ෂතා දියුණු කර ගැනීම සඳහා චෙස් පාඩම් හැදෑරීම, චෙස් ක්‍රීඩාව සම්බන්ධ පොත්පත් අධ්‍යයනය කිරීම, චෙස් ප්‍රහේළිකා විසඳීම වගේම චෙස් තරඟ විශ්ලේෂණය කිරීම ආදිය අතිශයින් වැදගත් වෙනවා.
මේ අතරින් චෙස් ක්‍රීඩාවේ විශිෂ්ටයෙකු වීමට චෙස් තරඟ විශ්ලේෂණය කිරීමේ ඇති වැදගත්කම, චෙස් තරඟ විශ්ලේෂණය කළ හැකි ආකාර වගේම හිටපු චෙස් ලෝක ශූර GM Vishwanathan Anand හා චෙස් ලෝක ශූර GM Magnus Carlsen අතර සම්පූර්ණ චෙස් තරඟ විශ්ලේෂණයක් ඇතුළු වටිනා කරුණු රැසක් පහතින් දක්වා ඇත.
අපි දැන් චෙස් තරඟ විශ්ලේෂණයේ ඇති වැදගත්කම ගැන කරුණු කිහිපයක් සලකා බලමු.
වැරදි හඳුනා ගැනීමට හැකි වීම
ඔයාල ක්‍රීඩා කරන ලද චෙස් තරඟයක විශ්ලේෂණයක් සිදු කරන්න පුළුවන්නම්, එය නිධානයක් සොයා ගැනීමක් වැනිය. ඒ මන්ද යත් ඔයාල ක්‍රීඩා කරන ලද සෑම ඇදීමක් තුළින්ම පාඩම් ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා. ඒ හැකියාව ලබාගත හැකි වන්නේ චෙස් තරඟ විශ්ලේෂණය කිරීමෙනි. මෙම වැරදි අඩුපාඩු හඳුනා ගැනීමේදී ඔබට යම් සෘණාත්මක සිතුවිල්ලක් දැනුණත්, ඒ වැරදි හඳුනා ගැනීමෙන් නැවත තරඟයකදී එම අඩුපාඩු සිදුවීම මග හරවා ගනිමින් වඩාත් හොඳින් ක්‍රීඩා කරන්න ඔයාලට පුළුවන්.

Calculations වර්ධනය කරගත හැකි වීම.
චෙස් ක්‍රීඩාව මනසින් කරන යුද්ධයකි. චෙස් ක්‍රීඩාවේ ඇතැම් තීරණාත්මක අවස්ථාවන් වලදී නිසැකවම ඇදීම් කිහිපයක් (Moves) ඉදිරියට හිතන්න සිදු වෙනවා. එහිදී සිදුවන Calculations සම්බන්ධ දුර්වලතා නිසා ඉත්තෙකු අහිමි වී යාමෙන් තරඟ පරාද වෙන්නත් ඉඩකඩ තියෙනවා. එවැනි අවස්ථාවන් නැවත විශ්ලේෂණය කිරීමෙන් ඔබේ ගණනය කිරීම් (Calculations) සම්බන්ධ කුසලතාවයන් වර්ධනය කර ගන්න පුළුවන්කම තියෙනවා.

චෙස් උපක්‍රම පුහුණු වීම.
චෙස් ක්‍රීඩාවේදී Pin, Fork, Discover Check, Discover Attack යනාදී බොහෝ උපක්‍රම භාවිතා වෙනවා. චෙස් තරඟ විශ්ලේෂණය කිරීමෙන් චෙස් පුවරුව මත එවැනි චෙස් උපක්‍රම පහසුවෙන් හඳුනා ගන්න හැකියාව තියෙනවා. ප්‍රතිවාදී ක්‍රීඩකයින්ගේ චෙස් උපක්‍රම කල් තියා හඳුනාගෙන ආරක්ෂා වෙන්න වගේම එම උපක්‍රම ප්‍රායෝගිකව නිසි ලෙස භාවිතා කරල තරඟ ජය ගන්න අවස්ථාව සැලසේ.

ඔබ තුළ විශ්වාසය ගොඩනගා ගැනීම.
දිගුකාලීනව චෙස් තරඟ නිසියාකාරව විශ්ලේෂණය කිරීම තුළින් ඔබ තුළ විශ්වාසයක් ගොඩනගා ගැනීමට හැකි වෙනවා. ඉන් අදහස් කළේ පෙර සිදු කරන ලද විශ්ලේෂණ මගින් ලබා ඇති අත්දැකීම් මත ඉදිරියේ දී ක්‍රීඩා කරන තරඟවල චෙස් පුවරුවේ ඇතැම් පිහිටීම් වලදී කළ හැකි හොඳම ඇදීම (Best Move) පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. ඒ අනුව වඩාත් විශ්වාසදායීව ඉදිරි පියවර පිළිබඳ කල්පනා කළ හැකි වනවා වගේම තරඟයෙන් තරඟය වැරදි අවම වන ලෙස ක්‍රීඩා කරන්නත් අවස්ථාව උදා වෙනවා.

මේ ආකාරයට චෙස් තරඟ විශ්ලේෂණය කළ හැකි Chess Engines බොහොමයක් මේ වන විට නිර්මාණය වෙලා තියෙනවා. ලොව පුරා චෙස් ක්‍රීඩකයින් චෙස් තරඟ ක්‍රීඩා කරන ප්‍රධාන චෙස් යෙදවුම් වන Chess.com හා Lichess තුළ චෙස් තරඟ විශ්ලේෂණය කිරීමේ හැකියාව තියෙනවා. මෙහිදී Chess.com යෙදවුම යම් යම් සීමාවන් තුළ නොමිලේ භාවිතා කරන්න පුළුවන් වගේම Lichess.org යෙදවුම මගින් සම්පූර්ණයෙන් නොමිලේ චෙස් තරඟ විශ්ලේෂණය කරන්න ඔයාලට පුළුවන්.
මේ ආකාරයට තමන් ක්‍රීඩා කරන තරඟ විශ්ලේෂණය කරමින් වඩාත් ප්‍රායෝගිකව තම වැරදි අවම කර ගැනීමට හැකියාව තියෙනවා. ඒ වගේම චෙස් Grandmasterවරුන් ක්‍රීඩා කළ තරඟයන් විශ්ලේෂණය කරන්න පුළුවන්නම්, එමගින් වඩාත් ප්‍රබල චෙස් ඉගෙනුම් අත්දැකීම් ලබා ගැනීමේ අවස්ථාව උදා වෙනවා.
Chess Grandmaster වරුන් ක්‍රීඩා කරන තරඟවල ඉතා ගැඹුරු උපාය මාර්ගික සැලසුම්, චෙස් උපක්‍රම ඉතා සංකීර්ණ අන්දමින් ක්‍රීඩා කරයි. එම ක්‍රීඩකයින්ගේ චෙස් ක්‍රීඩාවේ චින්තනය හා චෙස් ක්‍රීඩක කුසලතා ඉතාමත් ඉහළ ස්ථානයක පවතින බැවින් එවැනි තරඟ විශ්ලේෂණය කිරීම තුළ ඔවුන්ගේ සංකීර්ණ උපායමාර්ගික සැලසුම් හා ඔවුන්ගෙන් සිදුවන සියුම් අඩුපාඩු (Blunders, Mistakes, Inaccuracy) ආදිය හඳුනා ගන්න පුළුවන්.

Chess Grandmaster වරුන් සිදු කරන විවිධ වූ චෙස් තරඟ ආරම්භ කරන ක්‍රම (Chess Openings) හඳුනා ගැනීමට අවස්ථාව ලැබේ. එලෙසම ඔවුන් ඉතා ගැඹුරු ලෙස ප්‍රහාරාත්මක සැලසුම් සකස් කරන ආකාරය (Attacking) මෙන්ම චෙස් තරඟ අවසන් කරන විශේෂ වූ ශිල්ප ක්‍රම (Chess Endgames) හඳුනා ගැනීමට අවස්ථාව උදා වෙනවා. එසේම චෙස් ක්‍රීඩාවේ ප්‍රවීණයින්ගේ තරඟ විශ්ලේෂණය කිරීම තුළ ඔබට වඩාත් ප්‍රබෝධමත්ව හා ආශාවෙන් චෙස් ක්‍රීඩාව පිළිබඳ විශ්ලේෂණයන් සිදු කිරීමට මග පාදයි.
චෙස් සවිය (Mobile/Web) ඇප් එකේ එකේ ඇති චෙස් තරඟ විශ්ලේෂණයන් අතුරින් 2023 Global Chess League තරඟාවලියේ 2023.06.28 වන දින 07 වන තරඟය ලෙස පැවති හිටපු චෙස් ලෝක ශූර GM Vishwanathan Anand හා චෙස් ලෝක ශූර GM Magnus Carlsen අතර තරඟයේ විශ්ලේෂණාත්මක විග්‍රහයක් පහත දැක්වේ.
මෙම තරඟයේ GM Magnus Carlsen විසින් ප්‍රතිවාදී පිළේ Queen කෙනෙකු සිටියදී චෙස් Underpromotion උපක්‍රමයට අනුව Knight වරයෙකු promote කිරීම සුවිශේෂීත්වයකි.

| White | Rating | Result | Black | Rating |
|---|---|---|---|---|
| Vishwanathan Anand | 2731 | 0 – 1 | Magnus Carlsen | 2829 |
Game Analysis


